Monday 24 October 2011

Listen to famous voices world-wide

                             Listen to famous voices world-wide

Tuesday 23 March 2010

කොළඹින් කතා කරමි ! එහෙම කියල තමයි අපේ රටේ ගුවන් විදුලිය
මුලින්ම අසන්නන්ව ඇමතුවෙ . පස්සෙ'මේ කොළඹ ගුවක් විදුලියයි '
'මේ ලංකා ගුවන් විදුලි සේවයයි'.......ඔහොම ඇවිත් තමයි දැන්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි 'වෙලා තියෙන්නෙ .මේ සේරම
අපට ඇහෙන්නෙ වයර්ලස් එකෙන් . නැත්නම් රේඩියෝ එකෙන් .
එහෙමත් නැත්නම් ගුවන් විදුලි යන්තරයෙන් .
රේඩියෝව සමහර මිනිස්සු අතර මුලින්ම හැදින්වුනේ වෑර්ලස් එක
කියල . ඒ කිවිවෙ වයර්ලස් (Wireless) කියන එක . ඒ වචනෙ තේරැම
වයර් නැති කියන එක .වැඩසටහන් විසුරැවා හරින තැනත් ගෙදර
ඉදන් අහන වයර්ලස් එකත් අතර වයර් සම්බන්ධයක් නැහැනෙ.
කොහොම වුනත් අද වෙන කොට නම් අපේ වැයර්ලස් සේවා වයර්
මාරැ කර ගෙනද කියලත් හිතෙනව . අද නම් අපි අහන්නෙ වයර්ලස්
එකෙන්වත් රේඩියෝ එකෙන්වත් නෙවෙයි ගුවන් විදුලියෙන් . අපි
සමහරවිට ලියනකොට ලේසියටත් පහසුවටත් ලියනව -ගු.විදුලිය
කියල . ඔය' ගු ' යන්නට දීර්ග පා පිල්ලක් එහෙම වැටුනොත් නම්
කියවෙන්නෙ වෙන දෙයක් . ලියන්න ගියාම ඔහොම අකරතැබ්බවල්
වෙනව . කොහොම වුනත් එහෙම වෙයි කියල බැරි වෙලාවත්
' මාකෝනි ' දැනගෙන හිටියනම්, තමන් සොයා ගත්ත රේඩියෝ තරංග
එක රොත්තට මුහුදටම විසිකරනව . නැත්නම් දිවි නසා ගන්නව .
මම මේ වියුණු සටහනින් ( BLOG )ලියන්න කියන්න හදන්නෙ
' ගු . විදුලි ,ගැන මිසක් ' ගූ .විදුලි ' ගැන එහෙම නෙවෙයි . මුලු
ලෝකයේම අද තියෙන මාධ්‍යය- පුවත් පත් - පොත් පත් -චිත්තරපට -
ගුවන් විදුලිය - රෑපවාහිනිය - අන්තර් ජාලය මේ සේරම අතරින්
බලවත්ම, ක්ෂණිකම, මාධ්‍යය ( කව්රැ කොහොම කිව්වත් )නිසැකවම
ගුවන් විදුලියම තමයි . ක්ෂණිකම කිව්වම එක අතකට අර ක්ෂණික
ආහාර වගේම තමයි . දිරවන්නෙම නැහැ අගුණයි . තෙල් මන්ද
විතරමයි . ඒ වුනාට ගුණයක් නැහැ කියලමත් කියන්න බැහැ .

===================================
1950 වන විට මා අව්රැදු අටක
කුඩා දරැවෙකි. අපේ නිවසේ
විදුලියෙන් වැඩ කරපු ජී.ඊ.සී.
වර්ගයේ රේඩියෝව මට තවම
මතකය . වම් පසින් ඇත්තේ
එම රේඩියෝවයි . .මම ගුවන්
විදුලිය හදුනාගත්තේ ඒ මගිනි .
සමහරැ නම් නියන්නේ අද අපේ
ගුවන් විදුලි සේවා නන්නත්තාර
වෙලයි කියල . නැතුවයැ !
අපේ රටේ ගුවන් විදුලි සේවයට
බවුන්ඩේසම ( පදනම - foundation ) දැම්මෙත් නන්නත්තාර
වෙලානෙ . ඒ කියන්නෙ මහ මුහුදෙ නන්නත්තාර වෙලා තිබුන
සබ්මැරීනයක ‍ ට්‍රාන්ස්මිටරයක් ගලවගෙන නෙ වැඩේ පටන්
අරගෙන තියෙන්නෙ . ඉතින් ඔය කියන විදියට මුල්ම පරීක්ෂණ
කටයුතු ආරම්භ කරල තියෙන්නෙ 1924 දී .ඒ කාලෙ තැපැල්
දෙපාර්තමේන්තුවෙ ඉංජිනේරැ මහත්තුරැ තමයි මේ වැඩේට
අත ගහල තියෙන්නෙ . ඒ අවුරැද්දෙම ජූනි 27දා ආණ්ඩුකාර
ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං මහතාගෙ මූලිකත්වයෙන්
පළමු ගුවන් විදුලි වැඩසටහන විසුරැවා හැරල තියෙනව .
නමුත් ඒවායෙ ක්‍රමවත් පදනමක් තිබිල නැහැ .
( දැන් කියල වෙනසක්යැ ? ) කරැනු කාරණා කොහොම
වුනත් ඒ ගුවන් විදුලි ප්‍රචාරය තමයි දකුණු ආසියාවෙ
මුල්ම ගුවන් විදුලි ප්‍රචාරය . වැඩිදියුනු කරන ලද
ට්‍රාන්ස්මිටරය යොදාගෙන ඉතා ක්‍රමවත් පදනමකින්
වැඩසටහන් ප්‍රචාරය කරන්න ආරම්භ කරල තියෙන්නෙ
1925 වසරෙ දෙසැම්බර් 16 වනදා .ඒ දිනය තමයි නිල
වශයෙන් අපේ ගුවන් විදුලියෙ උපන් දිනය හැටියට
සලකන්නෙ . මේ විදියට වසර 24 ක් විතර තැපැල්
දෙපාර්තමේන්තුව සෙවනෙ හැදුන ගුවන් විදුලිය 1949
ඔක්තෝම්බර් 01 දා සිට රජයේ දෙපාර්තමේන්තුවක්
ලෙස යලි උපන්න . බීබීසි යෙ ජෝන් ලැම්ප්සන්
අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතෙ රේඩියෝ සිලෝන්
බිහිවුනෙ ඒ විදිහට .
1967 සංස්ථාවක් වනතුරැ
අපේ ගුවන් විදුලියෙ නම
රේඩියෝ සිලෝන් . ඒ වුනත්
අවුරැදු 45 ගෙවිල ගිය අදත්
ඔය නම අපේ හුග දෙනෙක්
දන්නව.ටොරිංටන් පැත්තෙ
එහෙම යනවිට සමහරවිට
ඔබට ඇහිලත් ඇති බස් වල
සමහරක් කොන්දොස්තර
මහත්තුරැ තවමත් කියනව
රේඩියෝ සිලෝන් බහින්න
කියල . හැබෑවටම අද වෙන
කොට ඔය රේඩියෝ සිලෝන්
එක බැහැල නේන්නම්. බැහැලයි කියන්නෙ ආයිත් කතා නෑ
පල්ලමටම බැහැලනෙ ? කොහොම වුනත් ඔය බැහිල්ල
පටන් ගත්තෙ නම් අද ඊයෙ නෙමෙයි .1994 දි පත්වුන
ආණ්ඩුවත් සමගම මහ පුටුවට ආව එක්කෙනා තමයි
ඔය බහින කලාවට අඩිතාලම දැම්මෙ .
කතාවෙන් කතාවෙන් ආපු දුරක් ? ආපහු 50 ට ගියොත්
1952 දි ගුවන් විදුලියට ලැබෙනව අපේම නායකයෙක්
අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට , එම්.ජේ.පෙරේරා මහතා .
ආයිත් නැහැ කටපුරා කියන්න පුලුවන් මහත්මයෙක් .
මනෝහරී කියන ගීත නාටකය සමග ගීත නාටක ඉතිහාසයක්
වගෙිම අපටම ගැලපෙන වැඩසටහන් රටාවක් බිහිවෙන්නෙත්
ඒ යුගයේදි .මේ මෑතකදි සගරාවක තිබුන හො‍ද ලිපියක් .
- ගිරා පෝතක කථා නස්තුන - කියල‍ ලියල තිබුනෙ නෝබට්
අයගමගේ . මේ ලිපියට බීජය වුනේ අපේ fm නාලිකාවල ගිරා
පෝතකයින් ගැන . ඒ කියන්නෙ නිවේදක නංගිලා මල්ලිලා ගැන.
අනේ අපොයි ! නිවේදකයින්ටත් ගිය කලක් ? පිස්සු කෙලිනව මදිවට
දැන් ඡන්දෙත් ඉල්ලනව.පාර්ලිමේන්තුවට ගිහිල්ලත් උත්තරීතර විදියට
පිස්සු කෙලින්න. එහෙම වුනත් ගුවන් විදුලි ඉතිහාසයේ අපිට කොතරම්
නම් උත්තරීතර නිවේදකයො හිටියද ? දැනුත් නැතුව නොවෙයි. දැන්
අපි බලමුකො අපේ රටේ මුල්ම සිංහල නිවේදකය හා නිවේදිකාව කව්ද
කියල.මුල්ම සිංහල නිවේදකය තමයි ඩී.එම්.කොළඹගේ මහත්තය.
එතුම-කොළඹින් කතා කරමි- කියල තමයි
අසන්නන්ව ඇමතුවෙ. දැන් එතුම අපෙන්
සමු අරගෙන. මුල්ම නිවේදිකාව ප්‍රභා
රණතුංග මහත්මිය.අපේ වාසනාවට එතුමිය
තවමත් අප අතර ඉන්නව. ඒත් කව්ද ඒ
උදවියගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ ?
උපදේශයක් ගන්නෙ ? ගුරැ හරැකම් ගන්නෙ ?
මේ විදිහට අපේ නිවේදක පරපුර ගැන
කියනකොට නම් වැලක් මතක් වෙනව.





තේවිස් ගුරැගෙ මහත්තය මුල්ම යුගයෙ
තවත් තේජාන්විත නිවේදකයෙක්.
එතුමා ගිය ගමන නැවතුනෙ ගුවන්
විදුලියෙ මහ පුටුවෙන්. ඒත් ගුරැගෙ
මහත්තයගෙ ජීවිත ගමන නැවතුනේ
බොහොම අවාසනාවන්ත විදියට -
නාදුනන තුවක්කු නරැවෙකු ඉදිරියෙ
මහ මහ පාරෙදි.

== ප්‍රභා රණතුංග මහත්මිය
-----------------------------------
මේ පරපුරේ අය ගැන ලියන්න ගියොත්
පතරංග ජාතකේ දිගට ලියන්න පුලුවන්.
ඒත් මම ලියන්නෙ වියුණු සටහනක් නෙ.
ඒ හින්ද නම් කිහිපයක් පමණයි මෙහි
ලියන‍්නෙ. සරත් විමලවීර, කරැණා-
රත්න අබේසේකර, එච්.එම්.ගුණසේකර,
චිත්‍රානන්ද අබේසේකර,සුධර්මන් ද
සිල්වා,නන්දා ජයමාන්න, චන්ද්‍රා
වයිමන්, ප්‍රොස්පර් ප්‍රනාන්දු ,
ආරියදාස පීරිස්,ආරියසේන මිල්ලවිතානච්චි,ගුණතුංග.කේ.
ලියනගේ, ලංකා අබේවික්‍රම, සිරිල් රාජපක්ෂ, විජිතනන්ද
මැණික්දිවෙල,ලලිත්.එස්.මෛත්‍රීපාල, එච්.ඩී.විජේදාස, ඇල්ප්‍රඩ්
පෙරේරා, අමරබංධු රෑපසිංහ, කුසුම් පීරිස්, ප්‍රේමකීර්ති ද
අල්විස්, පාලිතපෙරේරා, නන්දසේන ලියනපටබැදි ඩී.එස්.
දයාරත්න, බර්ටි ගලහිටියාව, නිව්ටන් ගුණරත්න, රංජිත්
පීරිස්, රංජිත් ධර්මකීර්ති, කුමාර රත්නායක, දයා ද අල්විස්,
ධර්ම ශ්‍රී වික්‍ර්‍රමසිංහ, සුජාතා ගුණවර්ධන, සුමනා ජයතිලක.
අකාලයෙ අප හැර ගිය තිස්ස ජයවර්ධනත් අපට සිටි
හොදම ප්‍රවෘත්ති නිවේදකයෙක්. නිෂ්පාදකයෙන් විදිහට ආපු
හඩ්සන් සමරසිංහ විවිධ තනතුරැ දරමින් අද වෙන කොට
තුන්වෙනි වරටත් සභාපති ධූරය හොබවනව.ඔය නම් ලිව්වෙ
මතක් වෙන විදිහට. අනෙක, නම් පෙළ ගස්සල තියෙන්නෙත්
ජේ්‍යෂ්ඨත්වය අනුව නම් නොවෙයි කියල කියන්නම ඕනෙ.
දන්නවනෙ සමහර අයගෙ හැටි? නැත්නම් මාත් එක්ක එයි
සටන් වදින්න-එනු සටනට ! කියල.
4වෙනි නැත්නම් 5වෙනි පරපුරට ආපු අපේ පරපුරටත් පසු
පරම්පරාව ගැනත් ලියන්නම ඕනෙ.එහි චන්දන තිලකරත්න
ඉන්නෙ මුලටම. සමන් අතාවුදහෙට්ටි,කරැණාතිලක හදුවල,
සුජීව හරිශ්චන්ද්‍ර,අජිත් ඉන්ද්‍රජිත්,හෙන්රි සෙනවිරත්න,පුණ්යා
කුමාරී ලොකුලියන,තිලකා රණසිංහ,ඉන්ද්‍රා රාමණායක,චිත්‍රා
කුමාරී කලුබෝවිල,ජයන්ත රෝහණ,වසන්ත රෝහණ,අසෝක
කරැණානායක,මයුරි අබේසිංහ.....ඔන්න ඔය නිදිහට ඒ නම්
ලියවුනෙත්,අර මම මුලින් කියපු කොන්දේසි වලට යටත්ව තමයි.
නිවේදකයො නොවුනත්, මඩවල ඇස්.රත්නායක, මහගම සේකර
පී.වැලිකල, සුගතපාල ද සිල්වා, සුනන්ද මහේන්ද්‍ර, විමල් අභය-
සුක්දර, ඩක්ස්ටන් ද සිල්වා, කාල්ටන් සෙනවිරත්න, ඊ.එස්.ටී.-
ප්‍රනාන්දු, නිමල් කරැණාතිලක වගේ අයත් ගුවන් විදුලියෙ හිටපු
දැවැන්තයො.








1950 දි ගුවන් විදුලියට එතෙක් තිබුන ස්වදේශීය සේවයට
අමතරව තවත් සේවයක් එකතුවුනා. ඒ තමා වෙළද සේවය.
එහි මුල් පුටුවටමුලින්ම පත්වුනේ ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆර්ඩ්
ආර්. ඩොඩ්.ඊට පසු ලිවී විජේමාන්න,වර්නන් කොරය වගේ
මහත්තුරැත් වෙළදසේවය මෙහෙයවුව.ජිමී බරැචා,මර්ල්
වල්පොල,ෂර්ලි පෙරේරා,ලියොන් බෙලත්,නිහාල් භාරති,
හැරල්ඩ් ප්‍රනාන්දු,ටොමි පෙරේර,මහේෂ් අලිරාජා, ප්‍රියා
කොඩිප්පිලි,හෙක්ටර් ජයසිංහ,ක්‍රිස්ට් ග්‍රීට්,ක්‍රිස්ටීන් ආර්.
බ්ලැක්ලර්,ජෝ සෝදිනාදන්,රොබින් පෙරේරා,ලින්ඩා
ඉලංගකෝන්,ජෝශප් මේතර්,හියු ද සිල්වා,සෙනරත්
ලිහිනියගොල්ල,ඉන්ද්‍රානි ජයවර්ධන-එකල මෙකල ඉංග්‍රීසි
සේවයෙ හිටපු කැපීපෙනුන ගුවන් විදුලි චරිත.















1967 අවුරැද්ද ගුවන් විදුලියේ වැදගත් සන්ධි ස්ථානයක්
සනිටුහන් කල වසරක්. එම අවුරැද්දෙ ජනවාරි 05 වැනිද
ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වුනා.මුල්ම සභාපති හා
අධ්‍යක්ෂ ජනරාල් වරයා බවට පත්වුනේ ලංකා සිවිල් සේවයේ
දැවැන්තයකු වූ නෙවිල් ජයවීර මහතායි.ඊට පසුව එම මුල්
පුටු හොබවපු අය අතර - සුසිල් මුණසිංහ,ඔස්වල්ඩ්-
තිලකරත්න,රිජ්වේ තිලකරත්න,ධර්මසිරි සේනානායක,
ඒමන් කාරියකරවන,සරත් අමුණුගම,ඊලියන් ද සිල්වා,
නන්දන කරැණානායක,කරැණාරත්න වීරමන්,ටී.ජී.ගුණසේකර,
ලිවී විජේමාන්න,තේවිස් ගුරැගේ,ලලිත් එස්.මෛත්‍රීපාල,විජය-
කොරය,කුමාර් අබේසිංහ,ජනදාස පීරිස්,එරික් ප්‍රනාන්දු,
හඩ්සන් සමරසිංහ,නිමල් ලක්ෂපතිආරච්චි, මහාචාර්ය-
ගංගානාත් දිසානායක,සුනිල් සරත් පෙරේරා, කැපී පෙනෙන
කිහිප දෙනෙක්.ඉන් සමහරෙක් සභාපති / අධ්‍යක්ෂ ජනරාල්
යන තනතුරැ දෙකම හෙබවූ අතර එම තනතුරැ දෙක සදහා
දෙදෙනෙක් පත්වූ අවස්ථාද තිබෙනව.

















( 1967-01-05 දින ගුවන් විදුලිය සංස්ථාවක් බවට
පත්වීම.එවකට අගමැති ඩඩ්ලි සේනනායක මහතා
ආරම්භක උත්සවයේදී.එවකට ගුවන් විදුලි උප අැමති
ආර්.පේමදාස මහතා හා සභාපති නෙවිල් ජයවීර මහතා ද
ඉහත ජායාරෑපයේ දැක්වේ.)

එදා ගුවන් විදුලිය -

එදා ගුවන් විදුලියේ අද මෙන් රැකවල්‍රන් සියගණනක්
නොවීය. සිටියේ මුර කරැවන් දෙදෙනකු පමණි.ඉන් එක්
අයෙකු වූ - සුප්පයියා - මට තවමත් මතකය. ගුවන්
විදුලියේ ප්‍රධාන දෙරෙටුවෙන් ඇතුල් වී කැන්ටිමෙන්
තේ බී පසුපස දොරටුවෙන් නිදහස් චතුරශ්‍රයේ පිහිටි
කන්තෝරැ වෙත යාමට සමහරැ පුරැදුව සිටියහ. හම
අයගෙන් අද මෙන් භීෂණ බියක් ඇතිවේයැයි සැකයක්
නොවීය. අද ගුවන් විදුලියේපිවිසුම් හල ලෙස දක්නට
ලැබෙන ආගන්තුක ගොඩනැගිල්ලකි. එදා මහ පාරේ
සිට බලන විට අද මෙන් කෘතීම බවක් හෝ බන්ධනාගාර
ස්වරෑපයක් දක්නට තිබුනේ නැත.එදා ගුවන් විදුලි මාතාව
වැජඹුනේ කෙතරම් සුන්දර පරිසරයකද යන්න ගැන සිතෙන
විට අද ඇති වන්නේ සැබවින්ම දුකකි.






- එදා ගුවන් විදුලිය

1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක
මැතිනියගේ රජය විශිෂ්ඨ ජයක්
ලැබීමෙන් අනතුරැව ගුවන් විදුලියේ
අධ්‍යක්ෂ ජනරාල් හා සභාපති ලෙස
පත්ව ආවේ සුසිල් මුණසිංහ මහතාය.යුද හමුදාවේ ස්වේජචා
නිලධාරී තනතුරක් හෙබ වූ ඹහු ප්‍රකට ව්‍යාපාරිකයකුදු විය.
ඹහුගේ පැමීණීමත් සමගම ගුවන් විදුලියේ සංශෝධන කිහිපයක්
සිදුවිය.එතෙක් ස්වදේශීය වෙළද සේවා ලෙස පැවතිසේවාවන්
පළමුවන හා දෙවන සේවාවන් යනුවෙන් වෙනස් කරනු ලැබීය.
මේ යුගයේ දී ජී.එස්.බී.රානී පෙරේරා,රාජා ධර්මපාල, සුනන්දා
තල්පහේවා (පසුව - ධර්මපාල මහත්මිය ),කුමාර රත්නායක ,
වැනි චරිත ගුවන් විදුලියට අලුතින් එක් වූ පිරිසකි.මේ උණුසුමත්
සමග ප්‍රවෘත්ති ඇතුලු වැඩසටහන් තේමා වාදන රැසක් අලුතින්
නිර්මාණය විය.එමෙන්ම අලුත් වැඩසටහන් සැලසුම් හදුන්වා
දෙන ලදී.

70 වේ තරැණ කැරැල්ල -

1970 වේ නව රජය පත්වී වැඩි කලක් යන්නට මත්තෙන් 1971
අප්‍රේල් මස 05 වැනිදා තරැණ කැරැල්ල ආරම්භ විය. මුලු රටම
ඇදිරි නීතිය යටතට ගෙන කැරැල්ල මැඩපැවැත්වීමට රජය සමත්
වුවද භීෂණයේ අදුරැ පටල සෑහෙන කලක් පැවතින.කැරැල්ල රට
පුරා එකවර දියත් කිරීමේ සංඥාවක් ලෙස වීරසේන ගුණතිලක
ගායනා කරන , එකල ඉතා ජනප්‍රිය ගීතයක් ලෙස පුචාරය වූ
- කොබෙයියනේ වරෙල්ලා , කුරැල්ලනේ වරෙල්ලා -නම් ගීතය
කලින් සැලසුම් කරන ලද වේලාවක ගුවන් විදුලියෙන් ප්‍රචාරය
කිරීමට කටයුතු යොදා තිබිනැයි යන සැකයක් මතුවිය.එම නිසා
එම ගීතය තහනම් කරන ලදී.එම සැකයේ සත්‍ය අසත්‍ය තාවය
කුමක් වුවද , වසර 10 ක් පමණ යන තුරැ එම ගීතය වාදනය
කරනු තබා, තැටිය දෙස බැලීමටවත් කිසිවෙකුත් සිතුවේ නැත.
කෙසේ වුවද 1971 කැරැල්ල සමග ගුවන් විදුලියට ඉතා විශාල
වගකීමක් පැවරැනු එමෙන්ම ඉතා අනතුරැදායක වකවානුවක් විය.
ගුවන් විදුලි පරිශ්‍රය අද පවතින යුද හමුදා කදවුරක ස්වරෑපයට
මුල් අඩිතාලම දැමුනේ මෙම වකවානුව තුලදී යැයි පැවසීම වැරදි
නොවේ.එතෙක් රථ වාහන,නිදහසේ ගමන් ගත් ගුවන් විදුලිය
ඉදිරිපස මග හරස් කර හමුදා බාධක ඉදිවිය.පරිශ්‍රය පුරාම හමුදා
රැකවල් තර කෙරින.රාත්‍රිය වඩාත් භයානක විය.අදුරැ විය.
රාත්‍ර කාලයේදී හමුදා ඇදුමෙන් සැරසුනු සුසිල් මුණසිංහ අධ්‍යන්ෂ
ජනරාල් / සභාපති වරයා විටින් විට මැදිරියට පැමිණ අවශ්‍යය
උපදෙස් දුන්නේය.පරිශ්‍රය තුල හදිසි සංඥා පද්ධතියක්
ස්ථාපිත කරනු ලැබීය.එයින් සංඥාවක් නිකුත් වූ වහාම මැදිරියේ
සියලු වදුලි පහන් නිවා දොරගුලු ලා ගැනීමට උපදෙස් ලැබින.

පිබිදීම -

ගුවන් විදුලියේ ප්‍රථම හ්‍රී ලංකාකික අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ
එම්.ජේ. පෙරේරා මහතාගේ පාලක සමය ස්වර්ණමය යුගයකි.
දෙවන ස්වර්ණමය යුගය 1974 අග භාලයේදී ආරම්භ වූ බව
බොහෝදෙනගේ මතයයි.ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්තයකු
වන රිජ්වේ තිලකරත්න මහතා අධ්‍යක්ෂ ජනරාල් හා සභාපති ධූරයට
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් පත් කරනු ලැබුවේ ඹහු
දැරෑ, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ස්ථිර ලේකම් තනතුරට
අමතරවය.පසුව ඹහු තනතුරැ හයක් එකවර දරමින්ම වාර්තාවක් ද
පිහිටු වීය.කෙසේ හෝ එම යුගය ගුවන් විදුලියේ , විශේෂයෙන් ම
සංගීත අංශයෙන් විශාල පිබිදීමක් ඇති කළේය.හරවත් සම්භාව්‍ය
ගීත තුලින් ගුවන් විදුලියට නව ජීවයක් ලබා දීමට ඹහු තීරණය කළේය.
සංගීතය රටේ සංවර්ධනයෙහි ලා හරවත් අන්දමින් භාවිත කිරීමට
පියවර ගැනින.ප්‍රබුද්ධ ගී එම ව්‍යයාමයේ එක් පියවරකි.ජන සංගීතය
ආශ්‍රයෙන් නව නිර්මාණ බිහිවිය.නව ශිල්පීන් බිහිවන්නට විය.
අසන්නන් ස්ෂණිකව යලි ගුවන් විදුලිය කෙරෙහි ආකර්ෂණය කර
ගනිමින් අලුත් වැඩසටහන් රටාවේ වර්ධනීය වෙනසක් ඇති විය.
ශනිදා සාදය - සොදුරැ සෙවන - වැනි සුහදශීලී ආමන්ත්‍රනයක්
නිවේදකයින්ට හදුන්වා දෙනු ලැබීය.අසන්නන් සමග සුහදශීලීව
කතා කිරීම පුද්ගලික මාධ්‍යන් සමග බිහිවූවක් ය යන මතය මුසාවකි.
දුරකථනය ගුවන් විදුලි වැඩසටහන් වලට මුල්වරට සම්බන්ධ කර
ගත්තේද මේ අවධියේදීය. ප්‍රේමකීර්ති වැනි නිවේදකයෝ දුරකථනය
හරවත් ලෙස ප්‍රයෝජනයට ගත්හ.එහෙත් එම දුරකථනයම අද
පුද්ගලික නාලිකා හරහා මහත් කන්දොස්කිරියාවක් බවට පත්ව ඇත.
එමතුදු නොව දුරකථනය හා ගුවන් විදුලිය මුලින්ම එක්කළේ තමන්
යැයි සමහර නාලිකා පාරම්බාති.ඇතඅත නම් දුරකථනය මුලින් ම
ගුවන් විදුලි මෙවලමක් බවට පත්කළේ ජාතික ගුවන් විදුලියයි.නමුත්
එය ප්‍ර්‍රථම වරට කන්කරච්චලයක් බවට පත් කළේ නම් පුද්ගලික මාධ්‍ය
බව සැබෑය.


77 පෙරලිය -

77 ආණ්ඩු පෙරලියෙන් පසු ගුවන් විදුලියේ සභාපති වූයේ ප්‍රකට
පුවත්පත් කලාවේදියෙකු හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඒමන්
කාරියකරවන මහතායි.රැහුනු , රජරට හා මහනුවර ප්‍රාදේශීය
ගුවන් විදුලි මධ්‍යස්ථාන බිහිකිරීමේ සංකල්පය ඹහුගේය.මෙම
සේවා වලින් ල්‍රාදේශීය ශිල්පීන්ට අති මහගු සේවයක් සිදු විය.
තුන්වන සේවය නමින් ප්‍රධාන විකාශන පද්ධතියට නව සේවයක්
එක් වූයේද මේ අවදියේදීය.ක්‍රීඩා වැඩසටහන් සදහා මුල් තැනක්
දුන් මෙම සේවයේ ප්‍රධානියා වූයේ ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ
සේවය කළ කිල්ටන් සෙනවිරත්න මහතාය.ජීවිතයේ මට හමුවූ
සුන්දරම මිනිසුන් තිදෙනාගෙන් එක් අයෙක් හැටියට කාල්ටන්
සෙනවිරත්න මහතා හැදින්විය හැකිය.අකේ දෙදෙනානම්
එච්.එම්.ගුණසේකර සහ සුධර්මන් ද සිල්වා ය. ඹවුන්ගෙන් අප
ලද ශික්ෂණය මෙන්ම මිනිසත් බව පිළිබද අත්දැකීම් , මාධ්‍ය
ජීවිතයෙන් බැහැර වුවද බොහෝ ඵලදායී විය.
1977 සිට 1994 දක්වා වූ වසර 17 තුල ගුවන් විදුලියේ මහ
පුටු වරින්වර වෙනස්විය.සභාපති ඒලියන් ද සිල්වා හා අධ්‍යක්ෂ
ජනරාල් නන්දන කරැණානායක ුතර වූ බල අරගලය නිසා ඹවුන්
දෙදෙනාම තම තනතුරැ හෙබවූයේ ඉතා කෙටි කලකි.තේවිස්
ගුරැගේ,කුමාර් අබේසිංහ,හඩ්සන් සමරසිංහ,සහ ලලිත් එස්.
මෛත්‍රීපාල එම වකවානුව තුල සභාපති ධූරය වරින් වර ඉසිලීය.
ටී.ජී.ගුණසේකර,කරැණාරත්න වීරමන්,ගාමිණී කාරියවසම්
අධ්‍යක්ෂ ධූරය හෙබවූ කිහිපදෙනෙකි.ඉහත කී චරිත අතරින්
සුවිශේසී වූ චරිතයකි හඩ්සන් සමරසිංහ.
හඩ්සන් සමරසිංහ යුගයේ දී ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවය
සිංහලීකරණය කිරීමට ඹහුට අවශ්‍යවිය.බුලත් විට හපන
සභාපති වරයකු වූ ඹහු බුලත් විට හපන දයානන්ද ගුණවර්ධන
සහ අසෝක තිලකරත්න පිළිවෙලින් ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂ සහ
සහකාර අධ්‍යක්ෂ වශයෙන් පත් කර පෙරලියක් ඇති කළේය.


1994 පෙරලිය -

1994 ආණ්ඩු පෙරලියෙන් පසු ජනදාස පීරිස් සභාපති/අධ්‍යක්ෂ
ජනරාල් ලෙස පත්වූ අතර නිව්ටන් ගුණරත්න අතිරේක අධ්‍යක්ෂ
ජනරාල් තනතුරට පත්විය. නිව්ටන් ගුණරත්න පලපුරැදු,ක්‍රියාශීලී,
කඩිසර, වේගවත්, ජවයකින් යුත් පුද්ගලයෙක්. ඹහුගේ වේගයත්
සමග අපට ද කටයුතුකිරීමට ලැබීම අපූරැ අත්දැකීමක්විය.
මේ සමගම මට ද නීත්‍යානුකූල වටිනාකමක් ඇති විධිමත් පත්වීම්
ලිපියක් ලැබින.එ සිංහල සේවයේ ඉදිරිපත් කිරීම් පාලක තනතුරයි.
නිවේදක නිවේදිකාවන්ගේ සියලු කටයුතු පාලනය වන්නේ එම 
අංශය මගිනි.

 
මෙම වියුණුවේ 2 වන කොටස සදහා දකුණු පස තීරැවේ PAGES යටතේ පුද්ගලික නාලිකා 
ක්ලික් කරන්න.